තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කදුකර දිවියෙකු අද (24දා) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කඳුකර දිවියා මන්දකට හසු වී ඇති බව වනජිවි නිලධාරින් කියා සිටියේ.
තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ වත්තේ ගසක අටවන ලද මන්දකට දිවියා ඊයේ (23) දින රාත්රියේ හසු වී තිබේ.
වනජිවි නිර්වින්දන පශු වෛද්යයවරයෙකුගේ සහයෝගය ලබාගෙන මන්දට හසු වී සිටින කඳුකර දිවියා මුදා ගැනීමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
ඉකුත් සතියේ මස්කෙලිය ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ මෙවැනිම දිවියෙකු මන්දකට හසු වි සිටියදි වනජිවි නිලධාරින් විසින් මන්දෙන් මුදාගෙන වැඩි දුර ප්රතිකාර රන්දෙණිගල වනජිවි පශු වෛද්යය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ මිය ගොස් තිබුණි.



popular news
-
Malka Friday, 24 April 2020 03:40 PM
ඔහොම ගියාම කොටි ටික වද වෙලා yai ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

