සාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක කිසියම් හේතුවක් මත ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි.
22 දින අලුයම් කාලයෙ මෙම හස්තියා මරණයට පත්වි ඇති බවට සැක කරන බව වනජීවි නිළධාරීන් පවසයි.
හදිසියෙ මරණයට පත්වු හස්තියා අවුරුදු 25 කට ආසන්න බවද අඩි දෙකකට වැඩි දිගකින් යුත් දළ යුගලක් ඇති බව වන ජීවි නිළධාරීන් පවසයි.
කෙසේ නමුත් වනජීවි නිළධාරීන් පවසා සිටියෙ විදුලි සැරකින් ඇතා මරණයට පත්වි ඇති බවට සැක කරන බවත් එයට හේතුව ඇතාගෙ සිරුර අසලින් විදුලි කම්බියක් ඇද තිබු බවට සලකුණු තිබේන බවද කියයි.
අදාල ඇත් මරණය සම්බන්ධයෙන් වනජීවි පශු වෛද්‍යවරයා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියමිතව තිබුනී.


