තවත් අවාසනාවන්ත මරණයක්
මහනුවර ප්‍රදේශයේ කල්බදු සමාගමක් විසින් ව්‍යාපාරිකයකුට ලබාදී තිබු ට්‍රක් රථයක් නැවත පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා පැහැර ගැනීමට පැමිණි පිරිස සමඟ පොර බැඳීමේ දී එම ට්‍රක් රථයටම යටවී මියයාමේ ශෝක ජනක පුවතක් වත්තේගම පොලිසියෙන් වාර්තාවේ .
සිද්ධියෙන් මියගොස් ඇත්තේඅපේ ගම පොලිස් වසමේ පොල්ගොල්ල මීගම්මන වත්තප්රදේශයේ පදිංචි ජාලියපරාක්රම නැමති 35 හැවිරිදි අවිවාහකයෙකි .
තම නිවස ආසන්නයේ බ්ලොග් ගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එම ව්යාපාරිකයාඑහි ප්‍රයෝජනය සඳහා මහනුවර නගරයේ කල්බදු සමාගමකින් ටිපර් රථයක් ලබා ගෙන තිබේ. පසුගිය කොරෝනා වසංගත සමයේඑහි කල්බදු වාරික ගෙවීමට නොහැකිවීම හේතුවෙන් කල්බදු සමාගමත් ව්‍යාපාරිකයත් අතර මතභේදයක් හටගෙන තිබී ඇති බව පොලීසිය කියයි .
කෙසේ නමුත් ඊයේ (18) අළුයම 02.00 ට පමණ තම නිවස ආසන්නයේ නවතා තිබූ ට්‍රක් රථය කිසිවෙකු විසින් පණ ගන්වන ශබ්දය ඇසීඑම ව්‍යාපාරිකයා දිව ගොස් ට්‍රක් රථයේ එල්ලී ඇති අතර ට්‍රක් රථය කෙටි දුරක් ධාවනය වීමෙන් අනතුරුව ව්යාපාරිකයාඉන් ඇදවැටීඑම ට්‍රක් රථයටමයටවී බරපතළ තුවාල ලබා සිටිඔහු කටුගස්තොට රෝහලට ඇතුල් කරන විටද මිය ගොස් සිටි බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් අදාල කල්බදු සමාගමේ කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැර ගෙන ගිය ට්‍රක් රථය සහ එය පැහැර ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. බී. පලිහවඩනමහතාගේ උපදෙස් පරිදිජේෂ්ඨ පොලිස් අධිකාරිකීර්තිරණවීරමහතාගේඅධීක්ෂණය යටතේවත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර මහතාගේ මෙහෙයවීමෙන්අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතුසිත ජයසේකර මහතා ඇතුළු පොලිස්කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Balana Rala Tuesday, 21 June 2022 06:35 AM
This total inhumane act. These guys should be punished with the death sentence. No argument. Killing an innocent person just because he couldn't settle his outstanding finance payments is very cruel and barbaric act. The government should consider granting a grace period of one year as the people cannot can no longer afford to settle their leasing installments.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

