තලවිල දේවස්ථානයේ සැක ලෙස සිටි පස් දෙනා තෙදිනක් රදවා ගනියි
තලවිල දේවස්ථාන භුමියෙ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටියදී පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් පස් දෙනා දින තුනක් (පැය 72 ) රදවා ප්‍රශ්න කිරීමට පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා පොලිසියට 2 දින නියෝග කෙරුණි.
මෙසේ රදවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණේ තලවිල දේවස්ථාන භුමියෙ සැකකටයුතු අයුරින් සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගත් මන්නාරම සිලාවතුර මානක්කුලම්,මනට්කුලම්,අර්ෆානගර්,යන ප්‍රදේශ වල පදිංචි අබ්දුල් අජීල් මුහන්මදු අක්හර්,හබ්බි මොහොමඩ් මුහම්මද් නස්මි මුබාරක්,මුහම්මදු රිස්වාන් මුහන්මදු විස්කීන් ,මුසීම් මොහොමඩ් මුන්සීර්,මුහම්මත් සාහීර් මුහම්පත් සයියාෆ් යන අවුරුදු 22,23,24 යන සිමාවල පසුවු තරුණයින් පිරිසකී.
මෙම සැකකරුවන් තලවිල දේවස්ථානයෙ අගෝස්තු මංගල්‍යයට සහභාගිවිම සඳහා පැමින සිටි බැතිමතුන් ආසන්නයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදී කල්පිටිය රාත්‍රි මුර සංචාරයෙ යෙදි සිටි කල්පිටිය පොලිසියෙ නිළධාරින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල සැකකරුවන් මෙම දේවස්ථානයෙ සැක කටයුතු ලෙස සැරිසරන අවස්ථාවේ අගෝස්තු මංගල්‍ය සදහා සහභාගි විමට පැමිණ කුඩාරම් ගසා ගෙන විසි දහසකට ආසන්න බැතිමතුන් පිරිසක් රැදි සිටි බව කියයි.
කෙසේ වෙතත් එසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය පොලිස්ථානය මගීන් ඉදිරි පරික්ෂණ සදහා භාර දී තිබු අතර ඉන් පසුව මෙම සැකකරුවන් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශණ ඒකකයට භාර දීමට කටයුතු කර තිබු අතර කොඨඨාශ අපරාධ විමර්ශණ ඒකකයෙ නිළධාරින් විසින් ඉදිරි විමර්ශන ආරම්භ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

