තලවාකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත ලංසුව පිරිනැමීමෙන් රු.2,380,00ක් රජයට පාඩා කිරීමේ චෝදනාව මත ඔහුව අද (02දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.