රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකිරීමට යෝජිත තලපත්පිටිය මහල් නිවාස සංකීර්ණයේ (THE RESIDENCIS KOTTE) ඉදිකිරිම් කටයුතු (31දා) ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේදී සිදු කෙරේ. මෙහි සමස්ථ ආයෝජනය රු. බිලියන 1361.4 කි.
කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික බල ප්‍රදේශයෙන් වාණිජ, පරිපාලන යන අංශයන්හි දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්ම වෙද්දී දිනෙන් දින නේවාසික ඉල්ලූම ඉහළ ගොස් ඇති අතර පවතින සීමිත භූමි භාගයන් ප්‍රමාණය නිසි ලෙස කළමණාකරණය කරමින් රටට ඵලදායී ආයෝජන සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙලෙස අභිනවයෙන් ඉදිකිරීම් ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු ශ්ර්රී ජයවර්ධනපුර රෝහල පාරේ තලපත්පිටියේ අක්කර දෙකක භූමි භාගයක් ලබා දී ඇත. ප්‍රධාන පෙළේ ඉදිකිීරීම් සමාගමක් වන අයිසීසී සමාගම රුපියල් බිලියන 07 ක ආයෝජනයකින් ඉදිකරන මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ මහල් 20 බැගින් වූ අධි උස නේවාසික කුළුණු දෙකක් ඉදිකිරීමට යෝජිතය. හරිත ප්‍රදේශ, විනෝදාස්වාද අවකාශයන්, පොදු පහසුකම් භූමි අලංකරණය සහිතව මහල් නිවාස සංකීර්ණ දෙකේ සෑම මහලකටම නිදන කාමර දෙකක්, හෝ තුනක් සහිතව මහල් නිවාස 06 කින් සමන්විත වේ.