තලතාගෙන් බැසිල්ට අභියෝගයක්
නිවිතිගල, ඒපොළ බස් නැවතුම් පොළ සෑදීමට මුදල් වෙන්කළ තැනක් තිබෙන්නේ කොහේද කියා පෙන්වන ලෙස තමා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අභියෝග කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ඇය මෙම අදහස් පළ කළේ පසුගියදා දෙමටකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“වසර 20 ක් තිස්සේ මේ නිවිතිගල, ඒපොළ බස් නැවතුම් පොළ හදන්න බැරි වුණා. මම හදපු එකේ ඊයේ පෙරේදා ඇවිල්ලා පක්ෂයක් නැති කණ්ඩායමක් රැස්වීමක් තියලා. ඒකේ නායකයෝ කියා ගන්නා පවුලේ බලය පතුරුවා ගන්න උත්සාහ කරන පවුලේ පුරුකක් කියලා තියෙනවා මේකට සල්ලි වෙන් කළේ මමයි කියලා. ඒ කියපු පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා.
මම එයාට අභියෝග කරනවා පුළුවන් නම් පෙන්නන්ඩ ඒ පොළ හදන්න බස් නැවතුම්පොළ හදන්න මුදල් වෙන් කරපු තැනක් තියෙන්නේ කොහේද කියලා. අද තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කරලා තියෙනවා මේ ආණ්ඩුව.
ඉතිං මම කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා වෙන් කරපු මුදල් කොහේ හරි තියෙනවා නම් කරුණා කරලා ඕන තැනක ගිහිල්ලා තමුන්නාන්සේලා හොයා ගන්න. මම එයාට අභියෝග කරනවා වෙන් කරපු තැනයි මුදලුයි පෙන්නන්ඩ කියලා” යැයි පැවසූවාය.

popular news
-
කෝලිත Wednesday, 15 August 2018 06:26 PM
ඇති යන්තමි...තටමල තටමල එකක් දා ගත්ත...
Reply : 0 1
Raawana Wednesday, 15 August 2018 06:56 PM
වෙන කොහෙද..? වෙන් කල මුදල් ඇමරිකාවේ ඇති. පතල්වල දෝන ඇතුලේ ඉන්න එවුන් ඕව දන්නවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
