තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුද්ධික මල්ලවආරච්චි නම් නීතිඥවරයෙක් වෙන අතර ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙක් බව වාර්තාවෙයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.