තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෛද්‍යවරයෙකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඩී.ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු අද (13දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.
මෙම සාදය වටලා සැකකරුවන් සතුව තිබූ රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන, දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලවි කරන මත් පෙති සහ කේරළ ගංජා තොගයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සමාජ මාධ්‍ය වලින් සිදු කරන ලද ප්රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු විස්සක් 20ත් 35ත් අතර, දෙසියයකට වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම ඩී.ජේ සාදයට සහභාගි වී සිටි බවත් එහිදී මත්ද්‍රව්‍ය ළඟ තිබී පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මෙම මත් ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් රු 3500 ක මුදලක් අය කර තිබූ බවත්, ඇතුල් වූ පසු, මුදල් ගෙවූ අය හඳුනා ගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබූ බවද පොලිසිය පවසයි.
සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව අනාවරණය වූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත් ද්‍රව්‍ය පානය කර සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය .
තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයේ ආරාධිතයින් ලෙස පැමිණ සිටි බවත් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සංවිධායකයන් විසින්, මුදල් ලබා ගෙන වෙන් කරවා ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ඊයේ (13 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.