තරුණ ජනතාවට ජනරාල් ශවේන්ද්‍රගෙන් ඉල්ලීමක්
ඊළඟ ජනපතිවරයා පත්කර ගන්නා තෙක් රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය සහාය ලබා දෙන ලෙස රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
"ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ලැබුවා. කථානායකවරයා අපවෙත පවසා සිටියා ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදුවන බවට.
ජනපතිතුමාගේ අස්වීමත් සමග ඉදිරියේදී පත්වීමට නියමිත ජනපතිවරයා පත්වන තුරු ගනු ලබන ක්‍රියාමාර්ග ගැන අපි එතුමත් සමග සාකච්ඡා කළා.
ත්‍රිවිධ හමුදාවත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඉදිරි ජනපතිවරයා පත්කර ගන්නා තුරු ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක රැස්වීමක් පවත්වා අපිට දැනුම් දෙන ලෙස.
එහි තීරණ ජනතාවට ප්‍රකාශ කිරීමට නියමිතයි. විශේෂයෙන්ම තරුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනපතිවරයා පත්කර ගන්නා තෙක් රටේ සාමය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සහාය දෙන්න.
රජයේ හා පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගනිමින් නීතිය හා සාමය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට සහාය දෙන්න"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

