අලවතුගොඩ ඇල්ලේකඩේ ප්රදෙශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවක් ඝාතනය කර වෙල් යායක මඩ ගොහොරුවක එබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිල සුනඛයෙකුගේ සහායෙන් එක් පුද්ගලයෙකු සැක පිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
ඊයේ 11 වනදා අළුයම මෙම තරුණ කාන්තාවගේ මළ සිරුර වෙලා යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී හමු වූ අතර ඉන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් මහනුවර නිල සුනඛ අංශයේ නිල සුනඛයෙකු යොදා ගත් අතර එම සුනඛයා කිලෝ මීටර් තුනක් පමණ ගොස් එක් නිවසකට ගොස් ඇති අතර එම නිවසේ පදිංචි විවාහක පුද්ගලයෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශණ සිදු කරන බවද පොලිසිය කියයි.
මොහොමඩ් ආශික්/ෂේන් සෙනෙවිරත්න