තරුණියක් ඉස්සූ 03ක් මාට්ටූ
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක්පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය සිද්ධිය සම්බන්ධපුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.
මෙම තරුණිය පැහැර ගැනීමට යොදාගත් නිල් පැහැති හොන්ඩා වර්ගයේ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා කාර් රථය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණිය අලුත්ගම නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ උකස් ගන්නා සමාගමක සේවය කරන්නියක් වන අතර සැකකාර පෙම්වතා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයෙකු බව විමර්ශන සිදුකරන පොලීසිය පැවසී ය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ,21 සහ 28 වයස්වල පුද්ගලයින් බව පොලීසිය කීය.
ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12දා) රාත්‍රීයේ පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි.
වින්දිත තරුණිය කාලවේල යක්වත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යමින් සිටියදී පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් එම නිවසේ දී සොයාගෙන ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහලට ඇතුළු කර අනතුරුව එම තරුණිය රාත්‍රියේම දෙමව්පියන්ට භාරදී ඇතැයි අලුත්ගම පැවසීය.
සැකකරුවන් අද (13දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
-
දාස Thursday, 13 October 2022 10:15 AM
හරි ෂොක් ,දුක මේ කුනු භාෂාව කියවන හැදෙන වැඩෙන දරුවන් ගැනයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

