තරුණියකගේ නිරුවත් විඩියෝ පටයක් වට්ඇප් මගින් වෙනත් අයවලුන්ට බෙදාහැරි හා එම විඩියෝ පටය ලඟ තබා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පීඨයක සහ කාර්මික විද්‍යාලයක අධයාපන හදාරන සිසුන් දෙදෙනෙක් අද (15) අම්බලන්ගොඩ තිලකපුරදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය කියයි.අදාළ තරුණියගේ ඥාතීන් විසින් සිය ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව එම අංශය කියයි.