තරුණයින් රඳවා ගෙන මානසික පීඩනයකට ලක් නොකළ යුතුයි
අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් දෙන ආකාරයෙන් රඳවා තබා ගැනීම අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.
“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වරදක් කරලා තියෙනවා නම් දඩුවම් කරන්න. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායකයා පැවැසීය.
ආදිවාසී නායකයා දඹාන කොටබකිනිය ගම්මාණයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.
මෙම අරගලයට එදා දවසේ හොදයි කියලා හිතාගෙන කථා කරපු අය අද වෙන කොට අනිත් පැත්තට ගිහිල්ලා.
හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවානම් ඒක තමයි සාධාරණය.
popular news
-
Dayan Tuesday, 13 September 2022 01:09 PM
He is correct in every respect.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

