රථ වාහන පොලිස් නිලධාරියෙක් තරුණයින් දෙන්නෙකුට පහර දීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන දැඩි කර තිබෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ සිද්ධියට ජාතිවාදී ස්වරූපයක් දෙන්න උත්සාහ කරන්න එපා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ තරුණයින් දෙදෙනෙකුට රථ වාහන පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතිනවා. මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඔහු එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා සදහන් කළේ.