තිරසාර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනිමට පුර්ණ සහාය දෙනවා
තිරසාර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනිමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් අපගේ ඉහළම ප්‍රමුඛතාවය හිමිවෙන බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (29) කොළඹ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"මෙය ඉතාමත් කාලීන වැඩසටහනක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, නව රජයත් පැරිස් සම්මුතියට අනුකූලව කටයුතු කරමින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සදහා මුළුමනින්ම කැපවී සිටිනවා.
ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද රාශියක් පවතිනවා. පොසිල ඉන්ධන පදනම් කරගත් බලශක්ති උත්පාදනයක සිට තිරසාර පුනර්ජනනීය බලශක්ති උත්පාදනයක් කරා ශ්‍රී ලංකාව ගමන්කරන බැවින් එවැනි ඉලක්ක සපුරා ගැනිමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් අපගේ ඉහළම ප්‍රමුඛතාවය හිමිවෙනවා
ජනධිපතිතුමා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවලා දැන් අපට වෙනම ඉලක්ක ලබාදීලා තිබෙනවා. ඒ නිසා මේ ක්ෂේත්රය සම්බන්ධයෙන් උගතුන් බුද්ධිමතුන් සියල්ලන්ම බලාපොරෝතතුවක් තබා ගන්න පුළුවන් රජයේ විශාල සහයෝගයක් ලැබෙනවා කියලා. අමාත්‍යාංශයක් හැටියටත් අපි ජනාධිපතිතුමාගේ ඉලක්ක කරා ඉදිරියේදී රට මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා. මෙම තරගාවලිය හරහා පිරිසිදු බලශක්ති ප්‍රභව ප්‍රවර්ධනය සදහා මෙන්ම රජය විසින් ප්‍රවර්ධනය කරනු ලබන බලශක්ති අරපිරිමැස්ම පිළිබදවත් තම නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සෑම කෙනෙකුටම උදාවුණා. සෑම අංශයක්ම දායකවන තිරසාර සංවර්ධනයක් සදහා මෙවැනි නවෝත්පාදන අත්‍යාවශයි. මෙම වැඩසටහන හරහා සෑම ප්‍රජාවක් තුළම එක් ප්‍රධාන පණිවිඩයක් ව්‍යාප්ත වීම මෙහි අමතර වාසියක්.

popular news
-
Don Tuesday, 29 September 2020 11:33 PM
This man including his party boss said these things during last five years as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

