වයස අවුරුදු 13 මාස 8ක දැරියක් අපයෝජනය කළැයි කියන දැරියගේ පියා මේ මස 22 දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා ඊයේ (15දා) නියම කළේය.
එලෙසින් රක්ෂිත බන්ධනාගාර ගතවූයේ කුලියාපිටිය බෝගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය අසල පදිංචිකරුවෙකු වූ අධිකාරි මුදියන්සේලාගේ හසිත නුවන් අධිකාරි නැමැත්තෙකි.
මව විදෙස්ගතව ඇති වින්ධිත දැරියගේ වැඩිමහල් සහෝදරිය රැකියාවකට යාම හේතුවෙන් මාරවිල ප්‍රදේශයේ කන්‍යාරාමයක නවතා ගොස් සිටියදී එම පාලිකාවක් විසින් ලබාදුන් දුරඇමතුමක් අනුව විමර්ශනය කිරීමෙන් අනතුරුව ස්ථාන කිහිපයකදී සිවු දෙනෙකු විසින් වින්ධිත දැරිය අපයෝජනයට ලක්කර ඇතැයි අනාවරණයවූ කරුණු අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
කුලියාපිටිය පොලිස් වසමේ පිහිටි තම නිවසේදී පියා විසින් හා සේනානිගම ප්‍රදේශයේදී පෙම්වතා විසින් දැරිය එසේ අපයෝජනයට ලක්කර ඇති අතර හෙට්ටිපොල හා බිංගිරිය පොලිස් වසම්වලදීද එසේ සිදුව ඇති බවත් අදාළ විමර්ශන වාර්තා අදාළ පොලිස්ථාන වෙත මේ වනවිටත් යොමුකළ බවත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය වැඩිදුරටත් සිටියේ නිවසේ සිට රැකියාවක් කරමින් සිටි තම වැඩිමල් සොයුරිය කැටුව එ්මට මස්සිනා නිවසින් පිටත්ව ගියපසු නිවසේ දොරගුලූ වසා පියා විසින් මුල්ම අපරාධය සිදුකළ බවයි.
එහිදී සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලමින් නීතිඥයින් පෙන්වා දුන්නේ දැරිය පේ‍්‍රම සබ`දතා ඇතිකරගත් නිසා පියා තරවටු කිරීම හේතුවෙන් අසත්‍ය පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.
ඉදිරිපත්වූ සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුයේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිදිනයේ පරීක්ෂණ ප්‍රගතිය රැගත් වැඩිදුර වාර්තාවක් ඉදිරි දිනයේ ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා සාවිත්‍රි සිරිමාන්න මහත්මිය විසින් මෙහෙයවූ අතර නීතිඥ ආසිරි ප්‍රනාන්දු මහතා සැකකරුවෙනුවෙන් ඇප ඉල්ලාසිටියේය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර