තම අටහැවැරිදි දියණිය අපයොජනය කළ පියාට වසර 45ක සිර දඩුවම්
තමාගේ අට හැවිරිදි දියණියට අවස්ථා තුනකදි බරපතල ලිංගික අපයෝජයක් සිදු කරණ ලද විත්තිකාර පියෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය එක් චෝදනාවකට බරපතල වැඩ සහිත වසර 15 බැගින් වසර 45 ක සිර දඩුවම්ද රුපියල් දස දහසක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමටද නියම කළාය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස හතරක සිර දඩුවම්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඩුවම්ද විත්තිකරුට නියම විය..
විත්තිකරු 2006 06.22 සිට 2007.06.23.දක්වා කාලය තුල අවස්ථා තුනකදි තමාගේ අට හැවිරිදි බාල වයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇත.
මෙම විත්තිකරුගේ බිරිඳ විදෙස් රැකියවකට ගොස් ඇති අතර කුඩා නිවසේ සිට ඇත්තේ විත්තිකරු සහ ඔහුගේ අට හැවිරිදි දියණිය පමණි. එසේ සිටියදි විත්තිකරු දියණියට මෙම අපරාධය සිදුකරණ බවට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරිවරයාට ලැබුන නිර්නාමික පෙත්සමක් අනුව එම නිලධාරියා පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරි සහ පොලිස් නිලධාරින් එම නිවසට ගොස් ළමයාගේ ප්රකාශ ලබා ගැනීමෙන් පසු සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇත.
අහංගම සුමතිපාල දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

