තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරයි.
මේ අතර නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භ කිරීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍යවන ඉන්ධන,පොහොර,කිරිපිටි,ඖෂධ යන භාණ්ඩ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිළකට ලබාගැනීමට අවස්ථාව ලැබී ඇති බව පෙන්වාදුන් ධීවර අමාත්‍යවරයා මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය මුලික වැඩ කටයුතු තමන් විසින් දැනටමත් සිදු කරගෙන යන බවප්‍රකාශ කරන ලදි.
මේ අතර පළාලි,ක්රිච් හා චෙන්නායි නගර අතර මගීන් ගුවන් සේවාව සැළසුම් සහගතව ජුලි 01දා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.