තමිල්නාඩුව පාලනය කළ පසුගිය ඩී.එම්.කේ. පක්ෂ රජය තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්කර ඇති බවත් ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 10ක ණයක් ඉතිරි කර ඇති බවත් තමිල්නාඩු නව මහ ඇමති ජෝශප් විජේ පවසයි.
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව සිය පළමු කථාව කර මින් විජේ මෙම චෝදනාව එල්ල කළේය. කෙසේ වෙතත් එයට ප්‍රතිචාර දැක්වූ තමින්නාඩු හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පැවැසුවේ මුදල් ඇති බවත් අවශ්‍ය වන්නේ කාර්යක්ෂම පාලනයක් බවත්ය.