පාකිස්තානෙය් පැවැති මහ මැතවණයෙන් තමන් ජයග්රහණය කළ බවත් එය සමරන ලෙසත් හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසයි. එම ජයග්රහණය සමරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව සිටියි.
මේ වන විට ප්රකාශයට පත්කර ඇති මැතිවරණ ප්රතිඵල අනුව ඉම්රාන් ඛාන්ට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් ප්රකාශයට පත්කර ඇති ආසනවලින් වැඩි ප්රමාණයක් ජයග්රහණය කර තිබේ.
කෙසේ වෙතත් හිටපු අග්රාමාත්යවරයෙක් වෙන නවාෂ් ශරීෆ්ද ප්රකාශ කර ඇත්තේ තම පක්ෂය මේ වන විට විශාලම පක්ෂය බවට පත්ව ඇති බවත් තමන් සමග ඒක්ව සභාග රජයක් පීහිටුවන ලෙස අනෙකුත් පක්ෂවලට ආරාධනා කරන බවයි.