තමන්ගේ නොහැකියාවට රජයට දොස් පවරා වැඩක් නැහැ- ඇමති පවිත්‍රා
"අද අප මුහුණදී සිටින්නේ, රටේ විශාල විදුලි අර්බුදයක් පවතින අවස්ථාවකටයි. අර්බුදකාරී අවස්ථාවේ මට මේ වගකීම බාරදුන්නේ, විශාල විශ්වාසයක් තබාගෙනයි. තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරුවට වැඩක් නැහැ. ජනතා සේවකයින් වශයෙන් අපේ වගකීම වියයුත්තේ, අර්බුද වලින් පැනයාම හෝ අර්බුද වලට හේතුවූ පුද්ගලයන්ට දොස් පැවරීම නොවෙයි. ජනතාවට අර්බුදයකින් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් උදාකර දීමයි. ඒ වෙනුවෙන් අපි එකා මෙන් එක්වී මේ විදුලි අර්බුදය ජයගෙන ජනතාවට ශක්තියක් වියයුතුයි" යැයි විදුලිබල ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
අද (04) පෙරවරුවේ නව විදුලිබල අමාත්‍ය ධූරයෙහි වැඩ බාරගනිමින්, අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වන්නිආරච්චි මහත්මිය,
"මීට ඉහතදී මම විදුලිබල අමාත්‍ය ධුරයෙහි වැඩකළ යුගයේදී ඉතාමත් සාර්ථක අන්දමින් ඒ කටයුතු ඉටුකරන්න මට හැකිවුණා. මම විදුලිබල අමාත්‍ය ධූරය බාරගන්නා අවස්ථාවේදී ඛනිජතෙල් සංස්ථාවට මිලියන ගණනක විශාල ණයක් තිබුණා. එම ණය මුදලත් පියවාගනිමින්, විදුලිබල ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න එදා මට හැකියාවක් ලැබුණේ, විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය වගේම අනෙකුත් ආයතනවල පූර්ණ සහයෝගය නොඅඩුව ලැබුණ නිසයි.
ඇත්තවශයෙන්ම ඒ යුගයේ විදුලි අර්බුද, වැඩවර්ජන ආදිය පැවතුනේ නැහැ. ඒවගේම බ්‍රෝඩ්ලන්ඩ්, උමා ඔය වගේ ව්‍යාපෘති ආරම්භ කරන්නත් අපට හැකිවුණා වගේම මම අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට එම ව්‍යාපෘති 75% කට වඩා අවසන් කරන්නත් මට හැකිවුණා. අපි ලැබූ සුවිශාලම ජයග්‍රහණය තමයි, යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව, මේ රටේ ජනතාවගෙන් 98% කට පමණ විදුලිය ලබාදීමට හැකිවීම. ඇත්තවශයෙන්ම ඒ යුගය ඉතාමත් සාර්ථක , ශක්තිමත් යුගයක් වුණා. අපි නැවතත් එකාමෙන් එකමුතුව වැඩකර, මේ වසර ඇතුළත මෙගාවෛාට් 100ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කරමින්, නැවතත් විදුලිබල ක්ෂේත්රය අර්බුද වලින් තොර, සාර්ථක මට්ටමකට ගෙනඒමට ඇපකැපවී කටයුතු කරමු"යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අතුල සිල්වා, සාමාන්‍යාධිකාරි නරේන්ද්‍ර සිල්වා යන මහත්මමහත්මීන් ඇතුළු අමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
popular news
-
srimahal goonewardene Friday, 04 March 2022 11:47 AM
I am sure she can, she will, bless her and support her
Reply : 0 0
samson de silva Saturday, 05 March 2022 03:55 AM
Mutti tikak gangaawalata daalaa balamuda, viduliya prashnaya wisandanna?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

