කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්රදේශයේදී 30 දින රාත්රී සිදුවී ඇති වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ තබ්බෝව පාවට්ටාමඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන ජයන්ත රෝහණ නැමති වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙකි.
සිද්ධියට අදාළ සැකකරු වෙඩි තැබීමෙන් පසුව පළාගොස් ඇති බවත් ඔහු හා සිද්ධියට අදාළ ගිනි අවිය අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදුකරගෙන බවත් පොලීසිය සදහන් කළේය.
එසේම මෙම වෙඩි තැබීමට හේතුව අනාවරණකර ගැනීම සදහාද විමර්ශන සිදුකෙරෙෙ බවත් පොලීසිය පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි