අද (13) පෙරවරු කාලයවනවිට පැවැති වැසි තත්වය හා ඉහළ ජලපෝෂක ප්රදේශවලින් එක්රැස්වන ජල ධාරිතාවය සැලකිල්ලට ගෙන කරුවලගස්වැව ප්රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තබ්බෝව ජලාශයේ වාන්දොරටු 6ක් අඩි 2 බැගින් දහවල් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය. මෙමගින් තප්පරයකට ජලය ඝණ අඩි 2640ක් නරිඔය ඔස්සේ මී ඔයට මුදා හැරේ ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්වයන් සැකිල්ලට ගෙන මෙම තත්වය අඩුවැඩි විය හැකි බවද එම කාර්යාලය පෙන්වා දුන්නේය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි
