පුත්තලම දිද්ත්රක්කයේ තබ්බෝව ජලාශයේ වාන්දොරටු 18ක් අද පෙරවරුව වනවිට අඩි 4 බැගින් විවෘතකර ඇති බවත් එමඟින් තප්පරයකට ජලය ඝණ අඩි 11,200ක් නරිඔය හරහා මී ඔයට මුදා හැරෙන බවත් පුත්තලම වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.
මේ හේතුව නිසා තබ්බෝව තම්බපණ්ණිය ප්රදේශයේ කොටුවී සිටින පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒම සඳහා නාවුක හමුදාව මඟින් බෝට්ටු යෙදවීමට පියවර ගත් බව පුත්තලම දිස්ත්රීක් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.
මේ අතර ඇදහැළෙන ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් 27 දින පස්වරු 1 වන විට දැදුරුඔය ජලාශයේ වාන්දොරු 8 අඩි 15 බැගින් විවෘත කර ඇති බවත් එමඟින් තප්පරයකට ඝණ අඩි 83,000ක ජලධාරිතාවක් දැදුරුඔයට මුදා හැරෙන බවත් වාරියපොළ ප්රාදේශීය වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි. එය දැදුරුඔය පහළ කොටසට අධි අවදානම් තත්වයක් බවද කියයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි
