ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්රිකා තැපෑලට භාරදීම අද (18 දා) දිනයේදී සිදුකල බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව රාජ්ය ආයතන තුනක් භාර අනෙකුත් රාජ්ය ආයතනවල සේවකයින්ගේ තැපැල් ඡන්ද කලකුණු කිරීම මේ මස 31 හා නොවැම්බර් 01 යන දිනවල සිදුකෙරේ.
මීට අමතරව දිස්ත්රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල සහ පොලිසිය යනු රාජ්ය ආයතන තුන තුළ සේවය කරන තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 දා සිදුකෙරේ.
මෙම දින තුන තුළ තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් 07 වන දින තම සේවා ස්ථාන පිහිටි දිස්ත්රික්කයේ මැතිවරණ කාර්යාල වලදී තැපැල් ඡන්ද භාවිතා කල හැකි බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
