කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකු කර තිබේ.
ඒ අනුව හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.
සක්‍රීය නිතිරතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු මෙම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.