තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මේ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වර්ෂාවක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.
අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.