දිවයිනට බස්නාහිර හා නිරිත දෙසින වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍ර දේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම සුළං වේගය ක්ෂණිකව (පැයට කිලෝමීටර් 70-80) දක්වා ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.