තණමල්විල කුඩාඔය පරාක්රමපුර ප්‍රදේශයේ පිහිටි එළවළු වෙළෙඳසැලකින් පසුගියදා මධ්‍යම රාත්‍රියේ රුපියල් ලක්ෂ හතක් වටිනා මුදල් සහ රන්මුදුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු සැකපිට මොනරාගල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගොවීන්ගෙන් එළවළු මිලදීගෙන තොග වශයෙන් අලෙවිකරන මෙම වෙළෙඳසැල් හිමියා වෙළෙඳසැලේ වැඩනිමකොට සිටියදී විවෘතකර තිබූ පිටුපස දොරෙන් ඇතුළුවී ඇති තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු වෙළෙඳසැල් හිමියාට ගල්කටස් වර්ගයේ තුවක්කුවක් එල්ලකොට සේවකයාට පහරදී මරණීය තර්ජනයකකර වෙළෙඳසැලේ මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 05ක් එළවළු බහාලන කවරයකට දමාගෙන,වෙළෙඳසැල් හිමියාගේ අතේ පළඳා තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන්මුදුවක්ද ගලවාගෙන යතුරුපැදියක නැගී පළාගොස් තිබිණි.
මෙම සිද්ධිය වෙළෙඳසැලේ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්වී තිබුණු අතර ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹූ මොනරාගල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකපිට තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
ඔවුන් අම්පාර සහ තණමල්විල ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.මෙම මංකොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරගෙන යයි.
මංකොල්ලයට යොදාගත් යතුරු පැදිය ගිනි අවිය සහ පිහිය ද මුදල් සහ රන් මුදුවද මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැත.
මොනරාගල සුමනසිරි ගුණතිලක



