තණමල්විල සති පොළ භූමියේදී අද (28දා) දහවල් එක්දරු පියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කිතුල්කොටේ සල්ගහ දිගන පදිංචි පේදුරු ආරච්චිගේ ගුණරත්න නොහොත් ගස්ලබු ගුනේ නැමැති අයෙකි.
නාදුනන පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී ඇත. මියගිය අය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා 2018 වර්ෂයේ දී නිදහස ලබා පැමිණි අයෙකි. ගංජා ජාවාරම් ජාවාරමෙහි යෙදී සිටි ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ වූ අයෙකි.
මෙම ඝාතන සම්බන්ය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර තණමල්විල මල්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක