නොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්තානයේදී අද (13දා) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි තොණ්ඩමන් මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.
වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වු බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබදිය යුතු බවට තිරණය කල බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.
හැටන් රංජිත් රාජපක්ෂ
