තණකොළ කපන යන්ත්‍රයට රු 250ක පෙට්‍රල් දෙයි
බේරුවල පිටවල ප්‍රදේශයේ කුඩා යන්ත්‍රයකින් තණකොළ කපා දිවිගෙවන පුද්ගලයෙකු එම යන්ත්‍රය ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට බේරුවල ඉන්ධනහලටගිය විට එහිදී තණකොළ කපන මැෂිමේ ටැංකියට ලබා දී ඇති රුපියල් 250ක පෙට්‍රල් ප්‍රමාණය පැය කීපයක තණකොළ කැපීමේ කුළී රස්සාව කර ගැනීමටවත් ප්‍රමාණවත් නැතැයි ඔහු චෝදනා කරයි.
පැය ගණනක් ඉන්ධන හලේ රස්තියාදු වී තම හැකියාව කර කරගැනීමට අවශ්‍ය පෙට්‍රල් ලීටර් තුනක් ලබා ගැනීමේ අරමුණින් ඉන්ධනහලේ පැය ගාණක් ගතකරත් ටැංකියට ලබාදුන් පෙට්‍රල් ප්‍රමාණයෙන් තම රැකියාව කර ගැනීමට නොහැකි යැයි එම පුද්ගලයා මෙහිදී පැවසීය.
ප්ලාස්ටික් බැරල් වලට පැට්රල් නිකුත් කිරීම තහනම් කර ඇති නියෝගය හේතුවෙන් මෙවැනි රැකියාවක් කර දිවි රැක ගන්නා පුද්ගලයන්ට ද නීතිය බලපා ඇති බැවින් ඔවුන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි බොහෝ දෙනෙකු සඳහන් කළහ. මෙවන් වෘත්තිකයන්ට ප්‍රායෝගික වන පිළියමක් යොදන ලෙස වගකිවයුතු බලධාරීන්ගේ ඉල්ලීමක් කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


popular news
-
W.K. Manoj Tuesday, 24 May 2022 03:59 AM
Actually, in these days, Petrol shed people issuing petrol for Motor Bikes only 2000 rupees. the same value if we divide from current value (2000/338=5.917 Liter.) but smaller bikes (Example. Schooty Pep/ Streak and Mate 70 ) they can fill only 3.5 or 4 liter for their bikes. at the que, we are spending over 10/15 hours. with sitting long hours, we taking 3.5 or 4 liters for our bikes. that is pointless. there should be a system to take balance for content. (Can). the Grass cutting people also facing same issue for their job.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

