ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ඉන්ධන පිරවුම්හලේ ඊයේ (31දා) වාහන පෝලීමට අමතර දැව කපන යන්ත්ර සහ තණකොල කපන යන්ත්ර රැගත් පිරිසක් වෙනම පෝලිමක් සකස් කරදීමට ආරච්චිකට්ටුව පොලීසිය කටයුතු කළේය.
මෙසේ තණකොල යන්ත්ර රැගත් පිරිස ප්රකාශ කළේ ගොයම් කැපීම සහ මැඩීම සඳහා යොදා ගන්නා යන්ත්රය භූතයා සඳහා එක් අක්කරයක් සඳහා රුපියල් 25 000ක මුදලක් අය කරගන්නා බවයි.
මෙසේ අධික ලෙස මිළගනන් වැය කිරීමට තමන්ට නොහැකිවීම හේතුවෙන් තණකොල කපන යන්ත්ර මගින් ගොයම කපා වෙනම මඩින යන්ත්රයකින් සුනාමිය ගොයම මැඩීම සිදුකර ගැනීම ලාභ දායක බවයි.
තණකොල කැපීම සහ මැඩීම සඳහා යොදා ගන්නා යන්ත්රයකට එපමණ මිළ අයකරගන්නේ පවතින ඉන්ධන අර්බුධය හා අධික ඉන්ධන මිළගනන් වල හේතුව නිසාබව එම යන්ත්ර හිමියන් පවසයි.
කෙසේ වෙතත් මෙසේ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිස්හට රථවාහන වලට පිටින් ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනම පෝලිමක් පොලීසිය විසින් සකස් කරදුන් අතර එක් යන්ත්රයක් සඳහා ඉන්ධන ලීටර් 1ක් ලබාදීමටද කටයුතු කර තිබුනි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න
