මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උග්ර ඛාදනයට ලක්ව ඇති තොඩුවාව වෙරළ තීරය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්රියාත්මක කොට තිබේ.
ඛාදනය වීමේ තර්ජනයට ලක්ව ඇති ස්ථාන හඳුනාගෙන ඛාදනය වැළැක්වීමට බැකෝ යන්ත්ර යොදා මුහුදේ වැලි මගින් වෙරළ පෝෂණය කිරීම සිදු කෙරේ.
මේ වනවිට වෙරළ තීරය කිලෝමීටරයකට ආසන්න ප්රමාණයක් උතුරු දෙසට උග්ර ඛාදනයට ලක් වෙමින් පවතී.
ඛාදනය හේතුවෙන් වෙරළ තිරයේ තිබු ධීවර වාඩි රැසක් මුහුදට බිලි වි ඇති බව ධිවරයින් පවසයි.
වෙරළ තීරය ඛාදනය වීම නිසා ධීවර යාත්රා ගාල් කිරිමට සිදුවී ඇත්තේ එම ප්රදේශයෙන් ගමන් ගන්නා හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ බව ධිවරයින් පවසයි.
මේ හේතුවෙන් ධීවර කටයුතු පවත්වාගෙන යෑමේදී ප්රදේශයේ ධීවර ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවී ඇති බව ඔවුන් පවසයි.
කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට සිදුව ඇති දැවැන්ත ඛාදනය වැලැක්විමට උපරිම උත්සාහ ගන්නා බවයි.
පුත්තලම - හිරාන් ප්රියංකර

