තක්සේරුව වැරදී රු. ලක්ෂ 32ක පාඩුවක්
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගලගොඩ වැඩ අංගනයේ සවිකර තිබු ඇස්පෝල්ට් යන්ත්රය වෙන්දේසි කිරිම සදහා පත්කළ තක්සේරු කමිටුව විසින් තක්සේරු වටිනාකම නිවරදි නොවන අයුරින් තක්සේරු කිරිම නිසා අධිකාරියට රුපියල් තිස්දෙලක්ෂ,හැත්තෑහතර දහස්, හත්සියඅසුහතරක (3,274,784) ක පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
තක්සේරු කිරිමේ දි මෙම යන්ත්රය තුල වු තාර ලිටර් 21782ක් සහ ඩිසල් ලිටර් 4028ක් පිළිබදව සැලකිල්ලට නොගෙන යන්ත්ර යේ වටිනාකම තක්සේරු කිරිම නිසා මෙම පාඩුව සිදුවි ඇති බවද විගණනයබ මගින් අනාවරණය කොට ඇත. මේ සදහා වගකිවයුතු පාර්ශවයන් හදුනාගෙන එම පාඩුව කඩිනමින් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
දකුණු පළාත් සභාවේ ප්රධාන ගණන්දිමේ නිලධාරියා ද මේ පිළිබද විගණනයට සදහන්කොට ඇත්තේ යන්ත්රය තුල තිබු තාර හා ඩිසල් පිළිබද සැලකිලිමත් නොවිම මෙම යන්ත්රය සම්බන්ද වු අධිකාරියේ නිලධාරින්ගේ දැඩි නොසැලකිලිමත්භාවය පෙන්නුම්කරණ බවය. මේ පිළිබද තවදුරටත් අධ්යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡාකරමින් පවතින බවද ප්රධනා ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
