එළඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහල ගොස් ඇති බව හැටන් ප්රදේශයේ එලවළු වෙලෙදුන් පවසයි.
අනෙකුත් එලවළු මිල මේ දිනවල සැලකිය යුතු ලෙස පහල බැස තිබියදි පසුගිය දිනවල රු 150 මිලකට අලෙවි වු තක්කාලි කිලෝවක් මේ වන විට රු 250 දක්වාත්, රු 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රු 350 දක්වා ඉහල ගොස් ඇති බව වෙලෙදුන් පැවසිය.
උත්සව සමයේ තක්කාලි සහ වම්බටු වලට වෙලදපොල් පවතින ඉහල ඉල්ලුම හමුවේ මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.