තංගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වී ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි .
පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි.
එමෙන් ම එම නිවසේ සිටි තවත් අයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුලත් වී ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
රජයේ රසපරීක්ෂකවරයා විසින් මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
කවීෂා ගුරුසිංහ