ප්රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතා ඊයේ (8) ශ්රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගත්තේය. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගන්නට සිදුවිය.
සිංහල චිත්රපට ගීත ක්ෂෙත්රයේ ප්රවීණයෙකුවූ නුවන් ගුණවර්ධන මහතා චිත්රපට 65 කට පමණ ගීත ගායනා කර තිබේ. ඔහු ගායනා කල "කිරි මුදූ වෙරලේ"ගීතය මෙන්ම "කඳුළින්ම ගැයු පෙම් ගීතේ" ,"ළා සඳ එලියේ" , "මා පැතු ලොකේ", "පාවී ගියාවේ ළදේ" ඉතා ජනප්රිය වු ගීතවේ.
ගුවන් යාන්ත්රික ඉංජිනේරුවෙක් ලෙස ලංකා ගුවන් සේවයේ සේවය කළ ඔහු ගීත ගායනයට පිවිසියේ රැකියාව අතරතුර විනෝදාංශයක් ලෙසිනි.
ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර නව පරපුරේ ගායන ශිල්පියෙක් වන ගයාන් ගුණවර්ධන මහතා ඔහුගේ පුතෙක් වෙයි.