ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතා හා ණය බර ලිහිල් කිරීම වෙනුවෙන් හා ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනිමට දරණ ප්‍රයන්ත සඳහා සාධනිය කාර්ය භාරයක් ඉටු කිරීමට අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට චීනය සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.
චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මහතා චීනය දිනපතා පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී චීන-ශ්‍රී ලංකා මූල්‍ය සහයෝගීතාවට සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ගෙවීම් අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් ටික කලකට පසුව චීනයේ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ පාර්ශවය සමග සම්බන්ධ වී චීනයෙන් ලබාගෙන පරිණත වූ ණය කළමනාකරණය කිරීමට නිසි ක්‍රමයක් සෙවීමට සූදානමින් සිටින බවයි.