ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව දිවිපාර්ෂවික ණයහිමියන් , ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල, මුදල් අමාත්‍යංශය හා ශ්‍රි ලංකා මහාබැංකු නිලධාරින් අතර 3 වන මාර්ගගත හමුව ඊයේ (15දා) පැවැති බව මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
එම හමුවට සහභාගී වූ සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් එහිදි කරෑණු දැක්වීමට මැදිහත්වීම අගය කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
සියළු ණයහිමියන්ට සමාන, සංසන්දනාත්මක සහ විනිවිද ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.