ණය ප්‍රතිව්‍යුහගතකරණය දුෂ්කර කාර්යයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තිර්ණ මූල්‍ය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම දේශපාලන මතභේද නොසලක අගය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනිම වෙනුවෙන් කටයුතු කිරිමේදි රජයේ මෙන්ම මහ බැංකුවේ වෘත්තීයභාවය අගය කළ යුතු බවයි.
එසේම 2020දී ජාත්‍යන්තර අරමුදල වෙත ගියා නම් ජනතාවට විදිමට සිදුවන අපහසුතාව අවම විමට ඉඩ තිබුණ බවත් එවක රජයේ උඩඟුකම හේතුවෙන් අවසානයේදී රට බංකොලොත් වූ බවත් ඔහු පැවැසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම දුෂ්කර කාර්යයක් බවත් ප්‍රතිසංස්කරණ ප්‍රධාන කාර්යයක් බවත් ඔහු පැවැසීය.
එසේම තිරසාර විසඳුම වන්නේ බිත්ති කඩා ලෝකයට පාලම් තැනීම බවද ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
