ශ්‍රී ලංකාවේ ණය කපා හැරීමක් සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව හැකි ඉක්මනින් එකඟවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම රටවල් දෙකෙන් ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් අනුමත කර ඇති අතර එය නිදහස් කිරීමට නම් චීනය හා ඉන්දියාව ලංකාවට ලබාදී ඇති ණය අඩුකිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡ කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනුම් දී තිබේ.
බී.බී.සී. පුවත් සේවය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව පවසයි.
"ඔවුන් ඉක්මනින්ම අපට මූල්‍ය සහතික ලබා දෙන්නේ නම් එය ණයහිමියෙකු ලෙස, ණයගැතියෙකු ලෙස දෙපාර්ශවයටම යහපත් වෙනවා. එය ඔවුන්ගේ වගකීම් ආපසු ගෙවීම ආරම්භ කිරීමට අපට උපකාරී වනු ඇත.
අපිට වැඩි කාලයක් මේ වගේ තත්ත්වයකට, වගකීම් ඉටු නොකර ඉන්න ඕන නෑ. ඒක රටටත් අපිටත් හොඳ නෑ. ඒක ලංකාව ගැන ආයෝජක විශ්වාසයට හොඳ නෑ." යැයි මහ බැංකු අධිපතිවරයා පැවැසීය.
ජනවාරි මාසයෙන් පසුව ගිවිසුමක් ඇති විය හැකි බව පැවසූ වීරසිංහ මහතා "මේ සියල්ල රඳා පවතින්නේ අනෙක් පාර්ශ්ව මතයි - අපගේ ණය හිමියන්ට ඇත්ත වශයෙන්ම එම තීරණය ගත යුතුයි" යැයි ඔහු පැවැසීය.
ඔවුන්ට අවශ්‍ය රටේ ණය පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකාව මේ වන විට ඔවුන්ට ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ පුද්ගලික බැඳුම්කර හිමියන් ගැන විමසූ විට වීරසිංහ මහතා අදහස් දක්වා ඇත්තේ, "අපි පුද්ගලික ණය හිමියන් සමඟ සද්භාවයෙන් සාකච්ඡා කරනවා. අපි දකින දෙය නම් ඔවුන් ඉතා ධනාත්මක වන අතර ඔවුන් අප සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිනවා."
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ එකඟතාවයට එකඟ වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් “සති හතරක් හෝ හයක්” ඇතුළත ශ්‍රී ලංකාවට බෙදා හරිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.
