ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් අතර මැදි පාර්ශ්වයක් වශයෙන් ිසිටිමින් සයිබර් අපරාධකරුවන් පිරිසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන රහසේ පවත්වාගෙන ගිය බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැසිය.
ඔහු පෙන්වා දුන්නේ අපරාධකරුවන් වෙත ළගාවිමේ පහසුව වෙනුවෙන් හා විමර්ශන පිටතට අණාවරණය නොවන අයුරින් මෙම පරීක්ෂණ සිදුකරගෙන ගිය බවයි.
ඒසේම මේ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බවද ලේකම්වරයා පැවැසීය. අදාළ ණය ගෙවීමට තිබූ ණය හිමියා සම්බන්ධයෙන් දිගින් දිගටම සම්බන්ධ වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.