වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ සැක සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ශ්රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ පනස්දහසකි. (18250,000). පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවසැකකරු සන්තකයේ තිබී ගමන් බෑගය පරික්ෂා කිරීමේදී මෙම ඩොලර් නෝට්ටු නෑ හමු වූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 අලුත්මාවත පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි. මුදල් විශුද්ධ කිරීමේ පනත යටතේ ඇති නෛතික භාවය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිකඩ පොලීසිය වෙත භාර දී ඇත.