බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හහතා පැවැසිය.
මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති අතර එහිදි ඔහු මේ බව පැවැසීය.
බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබදවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවැසිය.
අනුව ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.