එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා 08 වන වරටත් මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යන ගුවන් මහමුදා හෙලිකෝටර් බල පංතිය ගුවන් හමුදාපතිවරයා වෙත සිය උත්තමාචාර පුද කළේය.
2014 වසරේ සිට සාම සාධක හමුා රාජකරීන්හි නිරත ව ඇති ගුවන් හමුදාව මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ දළ ආදායමක් ලබා තිබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත සාමසාධක හමුදා රාජකරීන් සඳහා අනුයුක්ත කරනු ලබන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපංත්යි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා යොදාගනිමින් භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදෙයි.
මෙවර සාම සාධක හමුදා සඳහා පිටත්ව යාමට නියමිත හෙලිකොප්ටර් බල පන්තිය සඳහා ගුවන් හමුදා සාමාජිකයන් 110ක් ඇතුළත් අතර ඔවුන් ලබන මාසයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
