ඩොලර් බිලියන 7කට දොර විවෘත වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මේ හරහා රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට හැකිවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.
විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට 2023 මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පැවැත්වීම එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්රස්ටලීනා ජෝජිවා මහත්මිය විසින් නිවේදනය කිරීම සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවැසීය.
එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දීම වෙනුවෙන් ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Dayan Thursday, 09 March 2023 02:03 AM
Continue with fast practices. Take and increase the outstanding loan stock of the country. Do not find ways to increase foreign earnings and replacing imports with local production. Can go to hell soon.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

