ජාත්‍යන්තර වශයෙන් ‘ලෝක යහපත් කල්ක්‍රියාව’කියා වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව අනුව 2008 ඉඳන් 2018 යන කාලය තුළ පමණක් ලංකාවේ තිබුණු මුදල් ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස ලංකාවෙන් පිට වෙලා තිබෙන බව වාර්තා වී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත්,
under invoicing, over invoicing, transfer price මෙන්න මේ ආකාරයෙනු යි නීති විරෝධීව ලංකාවෙන් මේ ආකාරයෙන් ඩොලර් පිට කරගෙන තිබෙන්නේ. මේ අතරට ලංකාව වෙනුවෙන් උපයන ලද ලංකාවට රැගෙන නොපැමිණි මුදල්ද මෙලෙස අයථා ලෙස ලංකාවෙන් ඉවත් කොට තිබෙනවා යැයි සඳහන් කළේය.
මේ අනුව වසර නවයක දහයක කාලයක සිට රුපියල් බිලියන 45 ක මුදලක් මේ ආකාරයෙන් අයථා ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කර තිබෙන බව මේ වාර්තාවෙන් පැහැදිලිවම පෙන්වා දී තිබෙනවා.
අද ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් අර්බුදයට මුහුණ පා තිබෙන්නේ මෙන්න මේ අයථා ගණුදෙනු නිසා තමයි. ඒ වගේම අද රට මුහුණ පා තිබෙන තත්වයට හේතුවත් මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය උඩ බව බොහොම පැහැදිලියි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය උඩ අවශ්‍ය දේ මෙන්ම අවශ්‍ය නැති හැමදේම ආනයනය කරා. අඩු බදු වලට මෙලෙස ආනයනය කරන්න ඉඩ ලබා දුන්නා. ඒ නිසා අපේ අපනයනය කරපු ආදායමට වඩා හැමදාම ආනයන වියදම වැඩි වුණා . මේ වියදම බිලියන 10ක පමණ වැඩිවීමක්. මේ කාලකන්නි ප්‍රතිපත්තිය නිසා තමයි මෙම අර්බුදය ඇතිවී තිබෙන්නේ.
මීට අමතරව තමයි ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස වසර නවයක් තුළ රටින් පිටමං කොට තිබෙන්නේ. මේවා ගැන බලන්න වර්තමාන ආණ්ඩුව තවමත් ක්‍රියාත්මක වී නැහැ. under invoicing, over invoicing, transfer price යන මේවා ගැනවත් රජය බලන්නේ නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුයි.
අද වන විට රටේ ආහාර උද්ධමනය 57.9% යි. නමුත් මේ සංඛ්‍යාලේඛන වැරදියි. හරියටම බැලුවොත් උද්ධමනය සියයට සියයක් පමණ වෙනවා. අද මේ වන විට ආහාර උද්ධමනය 100% ටත්වඩා වැඩි බව අද තිබෙනවෙළඳපල අනුව සහ භාණ්ඩවල මිල ගණන් අනුව අපට පැහැදිලි වෙනවා. මේ ආහාර උද්ධමනය වැඩි වීමත් එක්ක අපට වේල් දෙකක් පමණක් කන ලෙස අගමැතිවරයා කියලා තියෙනවා. වැඩි දෙනෙකුට කියලයි අගමැතිවරයා කියන්නේ. එහෙම නෙමෙයි. අර්බුදයක් නං හැම දෙනාටම එක හා සමාන විය යුතුයි මුදල් තියෙන අය තුන් වේලම කනවා . මුදල් නැති අය දෙවේලක් කන්න ඕනේ. මොකක්ද මේ ප්‍රතිපත්තිය. ඒ තුළින් මන්දපෝෂණය වැඩි වෙනවා . ළමා මන්දපෝෂණය ඇති වෙනවා . ඒ තුලින් රටේ අනාගතය කොයි ආකාරයෙන් විසදෙයිද? ඒ අනුව අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය අහාර , සහන කඩිනමින් ලබාදිය යුතුයි. නැතහොත් මෙය බරපතල අර්බුදයකට ගමන්කරනවා ඇති.
අද මේ අරගලය ව්‍යාප්ත විය යුත්තේ මෙන්න මේ කරුණු හරහා යි. මේ අයිතීන් උදෙසා යි . ඒ අනුවයි අද අරගල කළ යුත්තේ. මේ සඳහා ජනතාවගේ අරගලයක් අවශ්‍යයි යැයි ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.