රජය විසින් අසීමිතව මුදල් මුද්‍රණය කරමින් ක්‍රියාත්මක කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට අධි උද්ධමන තත්ත්වයක් නිර්මාණය වී ජනතාවට කෑම බීම පවා සොයා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්විද්යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසයි.
ඊයේ (26දා) මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් ජයවික්‍රම මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“මේ ආකාරයට අසීමිතව මුදල් මුද්‍රණය කොට ආර්ථික අර්බුද ඇති කරගත් රටවල් බොහොමයක් තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය ටත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. එම යුද්ධයෙන් පසු හානි වූ රටවලට විශාල වන්දි මුදල් ගෙවීමට ජර්මනියට සිදුවුණා. ඒ සඳහා ඔවුන් අසීමිතව ඔවුන්ගේ රටේ මුදල් මුද්‍රණය කරා . එම නිසා ජර්මනියට තුළ විශාල උද්ධමනයක් උද්ගතව වුණා.
ඒ ආකාරයට උද්ධමනයක් උද්ගත කරගත් අපේ රටට ආසන්නම රට සිම්බාබ්වේ රාජ්‍යයි. 2007 වසරේදී එරට ජනාධිපති රොබට් මුගාබේ මහතා තීරණය කරනවා එරට විදේශිකයන් සියළු වැවිලි වතුරජයට පවරා ගැනීමට. විදේශිකයන්ට ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අති විශාල වශයෙන් සිම්බාබ්වේ රටේ භාවිතා කරන ඩොලර් මුද්‍රණය කිරීමට පියවර ගන්නවා.
ඉන් අනතුරුව සියලු විදේශිකයන් රටේ තිබුන ඩොලර් සංචිත රැගෙන රටින් පිට වීමෙන් පසු සිම්බාබ්බේ දේශය තුළ විශාල උද්ධමනයක් ගොඩනැඟෙනවා .
අවසානයේ ඔවුන්ට ඩොලර් බිලියන 100 නෝට්ටුව මුද්‍රණය කළත් එම නෝට්ටුවෙන් රටේ ජනතාවට මිලදී ගැනීමට හැකි වූයේ බිත්තර තුනක් පමණයි. භාණ්ඩ මිල එතරම් ඉහළ යාමක් සිදු වුණා. මේ රට තුළත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ එවැනි තත්ත්වයක්”